Skip to main content

Posts

ගසා ගියා ඇගෙ පියයුරු පටිය යසයි

මහිලාවංශය පමණක් නොව සමන් කුමාරගේ සමස්ත සාහිත්‍ය වංශයම කියවන කෙනෙකු (වරදවා) වටහා ගැනීමට ඉඩ ඇති දෙයක් නම් සැම විටම ඔහු ලියන්නේ ලිංගික කාරණා පමණක්ය යන්නය. එනම් ඔහුගේ ලිවීම්වල කේන්ද්‍රීය තේමාව ලිංගිකත්වය බවය. සර්පයකු හා සටන් වැද, එසඳ මම බලා සිටියෙමි, සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු, ආසාත්මිකතාව ආදී කෙටිකතා පොත්වලින් සේම නෙරංජනේ ඉස්නානේ සහ මහිලාංවංශය යනාදී නවකතා තුළින් මතු කෙරෙන්නේ ලිංගිකත්වය පමණකැයි යන චෝදනාවෙන් සමන් කුමාරට ගැලවිය නොහැකිය.
ඇත්ත. මෙම කරුණ ඇත්තක්දැයි විමසා බැලිය යුතු තමයි. එහෙත් මෙහි දී අප පළමුව කිවයුතු දේ නම් මෙම ලිවීම කිසිසේත් සර්පයාගේ මහිලාවංශය හෝ ඔහුගේ අනෙකුත් කෘති පිළිබඳ සාහිත්‍ය විචාරයක් නොවන බවය. මෙහි දී සිදු වන්නේ අපගේ හැදෑරීම් සමන් කුමාරගේ ලිවීම් සමඟ ගැටෙන්නට ඉඩ හැරීමය. (පැරණි X කණ්ඩායම මීට බොහෝ කලකට පෙර හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න පිළිබඳ ලිව්වේ කෘතිය මේ තරම් නිසා නොව අපගේ හැදෑරීම් මේ තරම් නිසා යනුවෙනි.)
පසුගිය ලිපියේ දී සමන් න්‍යායිකව යාවත්කාලීන වී තිබේදැයි ප්‍රශ්න කරන විට මා කළේ ඔහුගේ දැනුමේ සීමාව සලකුණු කිරීමය. ඔහු බොහෝ කරුණු පිළිබඳ දැනුමැත්තකු නොවේ යයි ඉන් අදහස් නො…
Recent posts

මරනවද? කකුල් කඩනවද?- නේරංජනේ ඉස්නානේ

https://www.youtube.com/watch?v=3qc3Ygl5kVk

Neranjane Isnane

ලොලීටා, නොමිහිරිය බලනු මැන...

ලෝරා පෙනී
(ලෝරා පෙනී සංසන්දනාත්මක සාහිත්‍යය පිළිබද ආචාර්ය උපාධිධාරිනියකි. ඇය මවුන්ට් සේන්ට් වින්සන්ට් සරසවියේ උගන්වනු ලබයි. මෙහි සඳහන් නිදන කාමර කට්ටලය පසුව දෙමාපිය චෝදනා මත සමාගම විසින් වෙළඳපලෙන් ඉවත් කර ගන්නා ලදී.)


එක්සත් රාජධානියේ වූල්වර්ත් සමාගම The Lolita Midsleeper combi- ලොලීටා බහුකාර්ය බාලිකා නිදන කාමර කට්ටලය යනුවෙන් බාලිකා නිදන කාමර කට්ටලයක් අයෝග්‍ය ලෙස නම් කිරීමෙන් මේ පෙබරවාරියේදී (2008) මව්පිය කෝපය ඇවිස්සුවා. ‘අපේ කාර්ය මණ්ඩලය කවදාවත් ලොලීටා ගැන අහලා තිබුණෙ නෑ. ඉතින් අපිට විකීපිඩියා එකේ බලන්න උනා. නමුත් දැන් අපි හරියටම දන්නවා ඈ කවුද කියලා” සමාගමේ ප්‍රකාශකයෙකු කිව්වා. පුවත්පත් සිරස්තල හැදෙන්නෙ මෙබඳු තකතිරු දේ වලින් තමයි. ව්ලැදිමීර් නබකොව්ගේ ලොලීටා කියවීමේ මාහැඟි සතුට කිසිදා ලබා නැති වුනත් ඔබ එහි අපකීර්තිමත් වස්තුවිෂය ගැන දන්නවා. මැදි වයසේ සිටින හම්බර්ට් හම්බර්ට්ව ඔහුගේ 12 වියැති සුළුදියණිය, සිඟිති දිය කිඳුරිය ඩොලරස් හේස් විසින් ප්‍රේමයෙන් මුසපත් කරනු ලබනවා. ලොලීටා යෙදුමක් ලෙසට  උත්කර්ශනය වී ඇති දුර්ලභ ග්‍රන්ථනාමයන් අතරින් එකක්. ලොලීටා කියන්නෙ නිකම්ම ප්‍රේම කතාවක් නෙමෙයි. එය හිරගෙ…

කූ ජපන් ගැහැණියක්ද?....

ආත්මය යක්ෂයාට විකුණා දැමීම ....






මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: වාමවාදින් ලෙස අපි මේ මොහොතේ කළ යුත්තේ හැකි තරම් පෝස්ටර් ඇලවීම නොව මේ සියල්ල පිළිබඳ එකිනෙක - එකිනෙකා වටහා ගැනීම සහ මිනිසුන් දැනුවත් කළ යුතු ය යන ස්ථාවරයේ සිටිමිනි. එමෙන් ම මෙම කාරණා දාර්ශනිකව මිනිසුන්ට අවබෝධ කර දිය යුතු බවත් මේ දාර්ශනික ගැටලු නිරාකරණය කර ගතයුතු බවත් එහි දී සිහිපත් කළේ ය. එසේ නොමැතිව කිසිවක් නිර්මාණය කළ නොහැකි බවත් නිර්මාණය කළ ද එය නොපවතින බවත් ඒ සඳහා කළ යුත්තේ උසස් කලාකෘති රස විඳීම සඳහා මිනිසුන් පෙලඹවිය යුතු බවත් සඳහන් කළෙමි. නමුඳු අපේ කලාකරුවන් එබඳු දාර්ශනික තලයක සිට වැඩ කිරීමට අකමැති බව ද සදහන් කළ අතර ඒ සඳහා මෑතකම උදාහරණය නම් කේ. කේ. සමන් කුමාර ලේඛකයා විසින් ලියනු ලැබ ඇති නවකතාව බව ද වෙසෙසින් ම අවධානය යොමු කළෙමු. කේ. කේ. සමන් කුමාර නම් රචකයාගේ ‘‘මහිලාවංශය’’ නවකතාව තුළ අපිට දැකගත හැකි වන්නේ ගැහැනියගේ පාර්ශ්වයීය ශරීර කොටස් වෙත අති සමීප වන එම වස්තු කෙරෙහි වූ ආශක්තභාවයෙන් ඒවා වර්ණනා කරන්නා වූ පසු නූතන සාහිත්යසමය උත්සාහයකි. එසේත් නැතිනම් ස්ත්රීඒ පැලඳුම් ක…

කළු බණ්ඩාර සම්මුඛ වීම හෙවත් මහිලාවංශය

ජුතින්ද්‍රගුප්තට කළු බණ්ඩාර සම්මුඛ වීම හෙවත් මහිලාවංශය 

”වැසිකිළි ගොඩ අදින්නා සේ ඇතුළු මනස හෙළි කිරීමේ අර්ථය කුමක් දැ” යි වරක් හේන්පිටගෙදර ඥානසිහ හිමියෝ සාහිත්‍යයේ අර්ථය ප‍්‍රශ්න කළහ. මේ වනාහි සාහිත්‍යයත් බෞද්ධ ආකල්පයත් සම්මුඛ කරවන කදිම ප‍්‍රශ්නයකි. මතුපිටින් කියවන කල සදාචාරවාදි ලෙස හැඟී යා හැකි මේ ප‍්‍රශ්නයෙන් ඇත්තෙන් ම ඉඟි කරන්නේ, බෞද්ධ ආකල්පය කිසි සේත් සදාචාරවාදි නො වන බව යි. ඇතුළු මනස පහන් පැලක් නොව වැසිකිළි වලක් බව ඉන් අවධාරණය කෙරේ.
මේ වැසිකිළි වල ගොඩ ඇදීමෙන් තොර ව ලබාගත හැකි ඥානයක් බුදුසමය විසින් දිරි ගැන්වෙන්නේ නැත. එසේ ගොඩ ඇදීම අරබයා ථෙරවාද සහ මහායාන සම්ප‍්‍රදායන් අනුගමනය කරන තාක්ෂණ ක‍්‍රම වෙනස් ය. ග‍්‍රන්ථකරණය දිරිගැන්වුණු මහායාන සම්ප‍්‍රදාය තුළ, ‘කියවීම‘ ඒ සඳහා සුදුසු ක‍්‍රමයක් හැටියට නිර්දේශ කරනු ලැබිණ. ඇතැම් මහායාන යතිවරුන් විමුක්තිය ලැබුවේ සූත‍්‍ර ග‍්‍රන්ථ කියවමින් උන් අතරයැ යි කියැවේ. ථෙරවාද සම්ප‍්‍රදාය පොත් ගැන විශ්වාසය තැබුවේ නැත. එහි ලා පොත අවශ්‍ය වූයේ, භක්ති මාර්ගයක් හැටියට මිස, ඥාන මාර්ගයක් හැටියට නො වේ.සාහිත්‍යය හරහා ඇතුළු මනසට පිවිසීම සෙන් සම්ප‍්‍රදායේ මෙන් ම වජ‍්…

මහ රෑ හමුවූ අරැම පුදුම බලු විපත

කලාකරුවා ළමයෙකි. කොහොමටත් මානවයා යනු සදාතනික ළමා වියක් සහිත සත්වයෙකි.
පවත්නා ක්‍රමය විසින්, පටිපාටි විසින් මේ ළමයා මරා දමනු ලබයි. පිකාසෝ කීවේ සෑම ළමයකුම උපතින්ම කලාකරුවකු බවත් ඔහුව මරා දමනා ලබනු බවත්ය. වැඩිහිටියන් නොවන, එනම් පවත්නා සංකේතීය පටිපාටියට අනුගත නොවන හෝ අසමත් සියල්ලන් විශේෂිතයන්, පිස්සන්, මානසික රෝගීන්, විපරිතයන් ලෙස වර්ග කෙරේ.  
ළමුන් මෙන්ම කලාකරුවන්ද පවත්නා ක්‍රමය තුළ පටිපාටි තුළ මනෝ වික්ෂිප්තභාවයෙන් යුතු වූවන්ය. නමුත් ළමුන්ව විවිධ දණ්ඩනයන් මගින් තමා ගැන හීනමානයට ලක් කොට පවත්නා ක්‍රමයට අනුගත කරගැනීම සිදුවේ. සමාජානුයෝජනය යනු එයයි. එහෙත් එසේ වැඩිහිටියන් වූ පසු අවරෝධිත ළමා ලක්ෂණ විවිධාකාරයෙන් විපරීත ලෙස පොලා පනියි.කලාකරුවා කොහොමටත් මනෝවික්ෂිප්තතාවයෙන් හෙබියෙකි. වැඩිහිටියන් වූ කලාකරුවන්ගේ කලාකෘති මෙලෝ රහක් ඇත්තේ නැත. 
අවිහිංසක ඇස යනු කතාන්දර කලාවේ එන දාෂ්ටිකෝණයකි. මෙය සිනමාව තුළද යොදා ගැනේ. එහිදී ළමයකුගේ ඇසින් සියල්ල නිරූපනය කෙරේ. නිදසුනක් ලෙෂ මාක් හැඩොන්ගේ කෘතියක පරිවර්තනයක් වන මහ රෑ හමුවූ අරුම පුදුම බලු විපත ගනිමු.
එය මනෝ වික්ෂිප්තතාවයෙන් පෙලෙන දරුවකුගේ ඇසින් තමා අවට වන තදා…