Sunday, March 2, 2014

සර්පයකු හා සටන්වැද තිස්වසකට පසු නැවත කියවීමක්




ප‍්‍රවීන ලේඛක හා විචාරක කේ. කේ. සමන් කුමාරගේ ලේඛන දිවියට තිස්වසක් සැපිරීම නිමිත්තෙන් මින් වසර තිහකට පෙර එළිදුටු සර්පයකු හා සටන්වැද කෙටිකතා සංග‍්‍රහය පිළිබඳ නැවත කියවීමක් 2014 මාර්තු 6 වන දින සවස 3.00ට කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
සර්පයකු හා සටන්වැද සහ තිස්වසරක ලාංකීය සමාජ දේශපාලන භාවිතාව ව්‍යභිචාරවත් කියවීමක් යනුවෙන් මෙම කතිකාව දිග හැරෙනු ඇත. සර්පයකු හා සටන්වැද තෙවන මුද්‍රණය සයුර ප‍්‍රකාශනයක් ලෙසින් මෙදින නිකුත් වේ.
මෙම කතිකාවේදී ව්‍යභිචාරය මානව විෂයක් ලෙස මැයෙන් දීප්ති කුමාර ගුණරත්නද, තිස් වසරක ලාංකීය යථාර්ථය හා ව්‍යභිචාරය මැයෙන් විදර්ශන කන්නංගරද, තිස්වසරක හැව ඇරුම යනුවෙන් උපුල් ශාන්ත සන්නස්ගලද අදහස් දක්වනු ඇත. කතිකාව මෙහෙයවීම මොහාන් රාජ් මඩවල විසින් සිදු කෙරෙනු ඇත.

No comments: