Wednesday, September 23, 2015

ඒ පබළුයි මේ පබළුයි එක නූලේ අමුණන එවාගේ කුකවි

එවරස්ට් කිතුදහමේ සංකල්පවේදය නූතනවාදී චින්තනයත් එක්ක මුහුකරන බොහීමියානුවෙක්. කාරණය ඒක නෙමෙයි. ඔහු ඒකට මොනතරම් සප්‍රමාණිකද කියනවා නම් ඒ සංකල්පවේදය අපේ බොදු සංකල්පවේදයත් එක්ක තියන විශ්වමයභාවයත් ඔහු ඒ එක්කම ග්‍රහණය කරන එකයි. 

සමහරවිට ඒක එවරස්ට්ගෙ වැඩක් නොවෙන්න පුලූවන්. ඒක විශ්වමය බලවේගයක, සංකල්පවේදයක අවිඥාණක කාරියක් වෙන්නත් පුලූවන්. ඒ ආලය විඥාණය ප්‍රකාශ කරන්න එවරස්ට්ව තෝරගෙන තියනවා සොබාව ධර්මය. ඔහු සාතන්ව පහන් තාරකාව කරන්නෙ අහම්බෙන්ද? නෑ. ඒක විශ්වමය සංකල්පවේදයකින්, සාමූහික අවිඥාණයකින් එන්නෙ. ආලය විඥාණයකින්. 

පහන් තරුව කියන්නෙ සිකුරු. සිකුරුට අධිපති වසවර්ති මාරයා කියන දිව්‍ය පුත්‍රයා. මේ මාරයා කැමති මිනිස්සු හැමෝම කාලා බීලා හැමනිලා සතුටින් ඉන්නවට. ඒකයි ඔහු බුදුන්ට එරෙහි වෙන්නෙ. බුදුන් කියන්නෙ මාරයාගෙම මහබඹා කෝලමේ අනිත් මුහුණ. ඉතින් පහන් තරුව නැතිනම් සිකුරු සාතන් නැතිනම් ලුසිෆර් වෙන්නෙ නිකම් නෙමේ.

මූදුපුත්තුවලින් පස්සෙ පහන් තරුව මේ විදිහට යළි ප්‍රකාශ වුණේ එවරස්ට්ගෙන්. මූදුපුත්තුවල සරා..... දියෝනිස්.......දියෝනිස් කියන්නෙත් නිකම්ම නෙමෙයි...... ඒ පබලුයි මේ කවඩියි එක නූලේ අමුණනවා........

ඉතින්, ඔන්න ආයිත් එවාත් ඒ පබලුයි මේ කවඩියි එක නූලෙ අමුණන්න අරන්.


කේ. කේ. සමන් කුමාර 

No comments: