Tuesday, March 20, 2018

මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා



කේ. කේ. සමන් කුමාරගේ අලුත්ම නවකතාව ‘මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා’ කෘතිය 2018 අප්‍රේල් මස 05 වන බ්‍රහස්පතින්දා සවස 3.00ට ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ.

1988 සිට 2018 දක්වා ලාංකීය වාම දේශපාලනය තුළ ඇති වූ විපරීතත්වය තේමා කොට ගත් මෙම කෘතිය පිළිබඳව ‘වාම සංඝායනාවකට නිමිත්තක්’ මැයෙන් පැවැත්වෙන කතිකාවට චූලානන්ද සමරනායක, අනිල් ලාල් තිබ්බොටුවාව සහ නන්දන වීරරත්න මුල පුරනු ඇත. කතිකාව මෙහෙයවීම අසංක සායක්කාරගෙනි.

අහස ප්‍රකාශනයක් වන ‘මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා’ කෘතිය එදින විශේෂ සහන මිලකට එහිදී ලබා ගත හැක. 

මෙහි කංචුක නිර්මාණය මොල සෙනෙවිරත්න ගෙනි.  

No comments: